නුඹ නොමැති සඳ!!!!


කදුළු කැට වැටුනා

නුඹ නමින් බිඳුනා

කියා ගන්නට එකම වදනක්

නැතිව මම තැවුනා......

සරා සඳ දිලුනා

සොඳුරු බව පෙනුනා

නුඹ නොමැති සඳ

සඳ එලිය අද

කටුක බව දැනුනා......

අපේ හීනේ........

මතකද එදා....

මගේ පපුවට හේත්තු වෙලා

අපේ හීනේ,අපේ ලෝකේ

අපි දෙන්න හැදුවා......

මහ ලොකු දෙයක් නෑ෴

අපිට පුංචි ගෙයක්

පුංචි පැටව් දෙන්නෙක්

මං වගේ කොල්ලෙක්

ඔයා වගේ කෙල්ලෙක්

මතකද සුදූ ඔයාට......

මේ ලෝකේ හරි නපුරුයි

අපේ හීනේ,අපේ ලෝකේ

දැන් අපිට නෑ සුදූ....

නැති කරපු ආදරේටත් වඩා

අපේ හීනේ මට වද දෙනවා.....

සත්තයි,

ඔයාට අම්මා නොකියන

පුංචි පැටියෙක්ගෙන්

සතුටු වෙන්නනං

මට කවදාවත්ම බැරි වෙයි....


අප!!!

අප ආ ගිය මඟ
අප දෙදෙනා නැත
ආදර සුළඟක දැවටීලා....
අප නැතුවට අද
අපගේ සෙවනැලි
ඇත එහි එකිනෙක පැටලීලා........

අලුත් මල්

පියලි මල් නෙතු සලා
හිනාවෙන හෙට දිනෙක
කොපුල් තල තෙමා ගිය
කඳුළු වැල් වියැකේවි......
එන්න මා ප්‍රිය සබඳ
අලුත් මල් දෝතින් ගන්න
එක දෙකක් පමණක් නොව
සිය දහසක් මල් පුබුදන්න......