tum hi ho.. තාලෙට.....

ලං නොම වූ සිහිනයද නිමාවී
කඳුළු බිඳේ දෙනයනට හොරා...//
නුඹ නැති කොට මං අඩනා තරමට
නුඹටත් ඇඩුනද හිතට හොරා....
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
සිහිනෙකි නුඹ සිහිනෙකි
අපේ ආදරේ දිය සිඳුනදෝ ........

ඔබ මා පෙරදා රහසෙහි සඟවා
සිපගත් සීතල රෑක රැඳී ...
මතක අපේ අප එක්ව තැනූ ඒ
දසත ඇදේ ගිනියමින් දැවී....
කෝ බොළඳ කථා...ඔබේ සුවඳ පවා
හැම හුස්මක ආයේ දැනේ.......
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ....

.........පැරදී මා පැරදී ..................

ඇයි සඳේ ඈතට ගියේ
කළුවරේ මා තනි කළේ...
සඳ ඔයානේ පහනක් කළේ මා
අද ඔයාම නොකියාම නිවිලා...
මේ අඳුරු ලොවෙන් මා මිදෙන දිනේ
සඳ නෑවිත් ඉන්න එපා .......
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ.....
අහිමිදෝ නුඹ අහිමිදෝ
අපේ ආදරේ දිය සිඳුනදෝ ........
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ.....


නුඹටත්....


නුඹ නැතුව ඉතින්....


ආයෙමත්......


උබට මොනා හිතෙයිද

ජීවිතේ ලග

ලගින්ම තියාගත්තු

එවුන්ට

හදිස්සියෙන් හරි

උබව

මග හැරුනොත්

උබට මොනා හිතෙයිද????

හිතන්න දෙයක් නෑ ...

මට දැන් හිතෙන දේම

උබටත් හිතෙයි!!!!!!!!!!

කුමාරියකට.....

රත්තරනේ

මොනවත්ම නොකියා

මම අවේ

මම කොහොම කිව්වත්

කුමාරියකට අබ්බගාතයෙක්

ගැලපෙන්නෙ නෑ කියල

ඔයා පිලිගන්නෙ නැති නිසා...

ඔයා ඉබින මේ පපුව මැද්දෙන්

යන හැම ලේ කැටියකම

දැන් තියෙන්නෙ

මගේ මරනේ.....

මම ඔයාට ආදරෙයි!!!!!!!

මේ මම

ඔව් මම

එයාටද

ඔව්

එයාට

මොකක්ද

හ්ම්...

සෙනෙහස;

අනේ නෑ....

එහෙනම්

ආදරේ...

ඔව් ආදරේ තමා

ඔව්

අදරෙයි

මම එයාට...

දවස් ගානකට

පස්සෙ මට

හිතුනා...

ඔයාව බලන්න

එද්දි

හරි ලේසියෙන්

ඔයා කියනවා

මට ඇහුනා...

මම ඔයාට ආදරෙයි

හැබැයි

මට නෙමෙයි....