ආදරේ........

තාත්තා,.......
මහ කන්දක් වගේ
පපුව ඇතුලෙ තියාගෙන
මටවත් නොපෙන්නා
කොහොම ඉන්නවද මන්ද........

අම්මා,.......
මම හොඳටම දන්නවා
ලබ් ඩබ් නැතත්
ඒ පපුව ගැහෙන්න
මගේ නම හොදටම ඇති....

ඇය,.......
තුන් ලෝකෙම ගියපු
මගේ මුරණ්ඩු හිත
නොදැනීම හිර කරපු
ලස්සන පුංවි කෙල්ලෙක්.....

ජනවාරි 23 ඉරිදා.....

එදා ජීවිතේ ලස්සනම දවසක්....

ඇස් දෙක වැහෙන තත්පරේදිත්

නොදැක ඉන්න බැරි තරමට

හිතට ලංවුන කෙනෙක්

ඇත්තටම ඇස් ඉස්සරහට ආවම

දැනෙන හැගීම් වල ලස්සන...........

ඇත්තටම.......

ලස්සනයි කියන මේ ලෝකේ


එච්චරම ලස්සන නෑ මැණික............


ඇස් වහන්න මට බයයි


ඇත්තටම........


ඒ තප්පරේදි ඔය සුදු මූණ


මට පෙනුනොත්......


ඇරෙන ඇස් වලට


මැණිකව බලන්න බැරි නිසා....


මට සදහටම ඇස් පියා ගන්න හිතෙයි......

ආදරෙයි මම තාම....

දන්නවද......

මාව දාල ගිය දවසේ

කප්පරක් දුක දැනුනා......

මම ඇඩුවෙ නෑ.....

ඒත් කදුලු බිම තිබුනා.....

මට අදත් හිතෙනවා

ඔයා ඒවි

අත්තටම ඒවි.....

මට විශ්වාසයි,.....

ඒ ඔයාවවත්

ඔයාගෙ ආදරයවත් නෙමෙයි....

හැමදාම මාව අතරමං කරපු

ඔයාගේ අහිංසක ඇස් දෙක.......

ජීවිතේ......................

ජීවිතේ රේස් එකක්....

උඹට දුවන්න වේවි

හිතා ගන්නවත් බැරි තරං වේගෙන්.....

හයිය හත්තිය තියෙන උන්

උඹව පහු කරන කොට

හිතට වැටෙන්න දෙන්න එපා...

පපුවෙ තියෙන අන්තිම හයියත් අරන්

දුවපන් කරටි කඩාගෙන......

ඒත් අන්තිමේදි,

දුවාගන්න බැරි වෙන කොට

උඹ ඇඳගෙන වැටෙයි......

සමහරවිට,

උඹව පහු කරපු උන්

තාමත් උඹට ඉස්සරහින්......

එහෙම වෙලාවට

ආපහු හැරිල බලපං.....

හිටියට වඩා උඹ ඉස්සරට ඇවිත්෴

උඹට හිනා වෙන්න පුලුවන්.....

මොකද දන්නවද?....

ජීවිතේ රේස් එකේදි

දිනනවා කියන්නේ

උඹ උඹවම පහු කරන එකට මිසක්

අනිත් උන්ව පරද්දන එකට නෙමෙයි෴........