ජීවිතේ......................

ජීවිතේ රේස් එකක්....

උඹට දුවන්න වේවි

හිතා ගන්නවත් බැරි තරං වේගෙන්.....

හයිය හත්තිය තියෙන උන්

උඹව පහු කරන කොට

හිතට වැටෙන්න දෙන්න එපා...

පපුවෙ තියෙන අන්තිම හයියත් අරන්

දුවපන් කරටි කඩාගෙන......

ඒත් අන්තිමේදි,

දුවාගන්න බැරි වෙන කොට

උඹ ඇඳගෙන වැටෙයි......

සමහරවිට,

උඹව පහු කරපු උන්

තාමත් උඹට ඉස්සරහින්......

එහෙම වෙලාවට

ආපහු හැරිල බලපං.....

හිටියට වඩා උඹ ඉස්සරට ඇවිත්෴

උඹට හිනා වෙන්න පුලුවන්.....

මොකද දන්නවද?....

ජීවිතේ රේස් එකේදි

දිනනවා කියන්නේ

උඹ උඹවම පහු කරන එකට මිසක්

අනිත් උන්ව පරද්දන එකට නෙමෙයි෴........

0 comments:

Post a Comment