tum hi ho.. තාලෙට.....

ලං නොම වූ සිහිනයද නිමාවී
කඳුළු බිඳේ දෙනයනට හොරා...//
නුඹ නැති කොට මං අඩනා තරමට
නුඹටත් ඇඩුනද හිතට හොරා....
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
සිහිනෙකි නුඹ සිහිනෙකි
අපේ ආදරේ දිය සිඳුනදෝ ........

ඔබ මා පෙරදා රහසෙහි සඟවා
සිපගත් සීතල රෑක රැඳී ...
මතක අපේ අප එක්ව තැනූ ඒ
දසත ඇදේ ගිනියමින් දැවී....
කෝ බොළඳ කථා...ඔබේ සුවඳ පවා
හැම හුස්මක ආයේ දැනේ.......
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ....

.........පැරදී මා පැරදී ..................

ඇයි සඳේ ඈතට ගියේ
කළුවරේ මා තනි කළේ...
සඳ ඔයානේ පහනක් කළේ මා
අද ඔයාම නොකියාම නිවිලා...
මේ අඳුරු ලොවෙන් මා මිදෙන දිනේ
සඳ නෑවිත් ඉන්න එපා .......
නිල් අහස හෝ
මහා පොළව හෝ
දැවී දැවී දුක කීවාදෝ.....
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ.....
අහිමිදෝ නුඹ අහිමිදෝ
අපේ ආදරේ දිය සිඳුනදෝ ........
නැතුවදෝ දුක නැතුවදෝ
අපේ ආදරේ මගේ පමණදෝ.....