ආයෙමත්......


උබට මොනා හිතෙයිද

ජීවිතේ ලග

ලගින්ම තියාගත්තු

එවුන්ට

හදිස්සියෙන් හරි

උබව

මග හැරුනොත්

උබට මොනා හිතෙයිද????

හිතන්න දෙයක් නෑ ...

මට දැන් හිතෙන දේම

උබටත් හිතෙයි!!!!!!!!!!

කුමාරියකට.....

රත්තරනේ

මොනවත්ම නොකියා

මම අවේ

මම කොහොම කිව්වත්

කුමාරියකට අබ්බගාතයෙක්

ගැලපෙන්නෙ නෑ කියල

ඔයා පිලිගන්නෙ නැති නිසා...

ඔයා ඉබින මේ පපුව මැද්දෙන්

යන හැම ලේ කැටියකම

දැන් තියෙන්නෙ

මගේ මරනේ.....

මම ඔයාට ආදරෙයි!!!!!!!

මේ මම

ඔව් මම

එයාටද

ඔව්

එයාට

මොකක්ද

හ්ම්...

සෙනෙහස;

අනේ නෑ....

එහෙනම්

ආදරේ...

ඔව් ආදරේ තමා

ඔව්

අදරෙයි

මම එයාට...

දවස් ගානකට

පස්සෙ මට

හිතුනා...

ඔයාව බලන්න

එද්දි

හරි ලේසියෙන්

ඔයා කියනවා

මට ඇහුනා...

මම ඔයාට ආදරෙයි

හැබැයි

මට නෙමෙයි....

ඉර..... හඳ.......

මම ඉර වගේ

ඔයා හඳ වගේ

ඒ මම සැර නිසාවත්

ඔයා ලස්සන නිසාවත්

නෙමෙයි.....

අපි කවදාකවත්

එකම අහසක

පායන්නෙ නැති නිසා........

නුඹ නොමැති සඳ!!!!


කදුළු කැට වැටුනා

නුඹ නමින් බිඳුනා

කියා ගන්නට එකම වදනක්

නැතිව මම තැවුනා......

සරා සඳ දිලුනා

සොඳුරු බව පෙනුනා

නුඹ නොමැති සඳ

සඳ එලිය අද

කටුක බව දැනුනා......

අපේ හීනේ........

මතකද එදා....

මගේ පපුවට හේත්තු වෙලා

අපේ හීනේ,අපේ ලෝකේ

අපි දෙන්න හැදුවා......

මහ ලොකු දෙයක් නෑ෴

අපිට පුංචි ගෙයක්

පුංචි පැටව් දෙන්නෙක්

මං වගේ කොල්ලෙක්

ඔයා වගේ කෙල්ලෙක්

මතකද සුදූ ඔයාට......

මේ ලෝකේ හරි නපුරුයි

අපේ හීනේ,අපේ ලෝකේ

දැන් අපිට නෑ සුදූ....

නැති කරපු ආදරේටත් වඩා

අපේ හීනේ මට වද දෙනවා.....

සත්තයි,

ඔයාට අම්මා නොකියන

පුංචි පැටියෙක්ගෙන්

සතුටු වෙන්නනං

මට කවදාවත්ම බැරි වෙයි....